වැස්ස නෑ කියූ පුත්තලම මහා ජල කඳකට යට වූ හැටි (ඡායාරූප)

වැස්ස නෑ කියූ පුත්තලම මහා ජල කඳකට යට වූ හැටි (ඡායාරූප)

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන ගණන 74 කි. එම සුරක්ෂිත මධ්‍යස්ථානවල පවුල් 3760කට අයත් පුද්ගලයන් 13750 ක් රැඳී සිටී. ගංවතුර හේතුවෙන් පුත්තලම දිස්තික්කයේ නිවාස 12 ක් පූර්ණ වශයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 46ක් අර්ධ වශයෙන් විනාශ වී ඇත. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඒ. එම්. අලහකෝන් මහතා ප්‍රකාශ කළේ මේ දත්ත තවත් වැඩි විය හැකි බවයි.

වැඩිම හානි නාත්තන්ඩියට

පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගම්මානවල ජනතාව වන අතර එම ගණන දසදහසකට ආසන්න වේ. මේ වන විට එම ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන 41ක රැඳී සිටී.

අද (24) දහවල් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ ප්‍රදේශයේ සංචාරය කරමින් මේ ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කළ අතර එහිදී ජනතාවගේ අත්‍යවශ්‍යතා ඉටු කිරීම සඳහා දිස්ත්‍රික්කයේ අනෙකුත් රජයේ කාර්යාලවලින් නිලධාරීන් නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කිරීමටද පියවර ගන්නා ලදී.

මාර්ග ගමනාගමනය ඇණ හිටී

මේ වන විටත් නාත්තන්ඩිය ප්‍රදේශයේ තුම්මෝදර, කොට්ටරාමුල්ල ඇතුළු ප්‍රදේශ කීපයක නිවාසවල වහලය නොපෙනෙන මට්ටමේ ජල කඳක් තිබෙන අතර මාදම්පේ තෝප්පුව ප්‍රධාන මාර්ගයේ තුම්මෝදර ඇතුළු ස්ථාන කීපයක් මුළුමනින් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබේ.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයට අයත් ගම්මාන කිහිපයක ප්‍රධාන මාර්ග රැසක් සම්පූර්ණයෙන් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට සෘජු බාධා එල්ල ඇති බවට ජනතාව මැසිවිලි නගති.

ඒ අනුව රෙඩ්බානා ගම්මානය වෙත දිවෙන ප්‍රධාන මාර්ග රැසක් සමඟ ඉස්සන් ගොවිපල වෙත ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය අඩි 4ට ආසන්න ජල මට්ටමකින් යටව තිබීම නිසාවෙන් ඉස්සන් වගා වෙත දිවෙන ප්‍රධාන මාර්ගයෙ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව කියයි.

ගංවතුරට හේතුව ඉස්සන් කොටු සහ ලුණු ලේවා

මෙහිදී ජනතාව පෙන්වා දෙන්නේ සෑම වර්ෂාපතන කාලයකදීම මෙසේ තමන් ගංවතුර ආපදා තත්ත්වයට මුහුණපාන බවයි. ඔවුන් පවසන්නේ මෙලෙස ගංවතුර ආපදා තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන සාධකය අනවසර ඉස්සන් ගොවිපළවල් සහ ලුණු ලේවා ඉදිකිරීම සඳහා යොදා ඇති අනවසර කාණු පද්ධති නිසා වැසි ජලය නිදහසේ ගලා කලපුව වෙත පහසුවෙන් ගමන් කිරීම අවහිර කිරීම බවයි.

මේ හේතුව නිසාව කලපුව ආශ්‍රිත ධීවර කර්මාන්තයේ නියලෙන ධීවරයන් ගමනාගමන කටයුතුවලදී දැඩි ලෙස අපහසුතාවයට පත්වන බවත් තමන්ගේ ආර්ථිකයට ඉන් සෘජු බාධා එල්ලව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ප්‍රසාද් ජයමාන්න
කේ.ප්‍රියංකර

puththalama ganwathura 1

puththalama ganwathura 2

puththalama ganwathura 2

puththalama ganwathura 4

puththalama ganwathura 5

puththalama ganwathura 6

puththalama ganwathura 7

puththalama ganwathura 8

puththalama ganwathura 9

puththalama ganwathura 10

puththalama ganwathura 11

puththalama ganwathura 12

puththalama ganwathura 13

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment