පුළුවන්නම් නීතිමය පියවර ගන්න ! අපි දැම්මේ උතුරට අයිති කොඩිය : සිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්

පුළුවන්නම් නීතිමය පියවර ගන්න ! අපි දැම්මේ උතුරට අයිති කොඩිය : සිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. 
 
එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා,
 
“සමහර ඇමතිවරු කියලා තිබුණලු උතුරු පළාත් සභා කොඩිය භාගයක් දාපු එක වැරදියි කියලා. පාසල්වල උතුරු පළාත් සභා කොඩිය භාගයක් දාපු එක වැරදියි කියලා. අපි අහන්න කැමතියි, අපේ අයිතිය තියෙන කොඩිය කොයි විදිහට දානවා කියලා ඔබතුමාලාගෙන් අහන්න ඕනෙද? ඒකට ඇක්ෂන් ගන්න ඕනේ නම් පුළුවන්නම් ඇක්ෂන් ගන්න. සමහර අය කියනවා උතුරු පළාත් සභාව විසුරුවනවයි කියලා. පුළුවන්නම් විසුරුවලා බලන්න. අපි චැලේන්ජ් කරන්නම්. මේ ජන සංහාර සිද්ධ වෙලා තියෙනවා. මේකට නීතිය අපිට ලැබෙන්න ඕනේ. අපේ පළාත අපිට ඕනේ විදියට පාලනය කරන්න අපිට අයිතිවාසිකම් එන්න ඕනේ. මේක අනිත් පැත්ත රවට්ටලා කරනවා නම් වැරදියි.”
 
රොමේෂ් මධුෂංඛ -  වන්නි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment