එමිල් රන්ජන් - නියොමාල් රංගජීව යළි බන්ධනාගාරයට

එමිල් රන්ජන් - නියොමාල් රංගජීව යළි බන්ධනාගාරයට

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළේ යැයි චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගැනුණි.

අද නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ තවදුරටත් එම පරීක්ෂණ සිදුවන බවයි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් පවසා ඇත්තේ වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරන බවයි. එය කඩිනම් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මේ අතර වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව අග්‍රාමාත්‍යවරයාට භාර දී ඇතත් එය ජනතාවට අනාවරණ නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව දිගින් දිගටම චෝදනා එල්ල කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment