ගෝටා ඇමරිකානු පුරවැසියෙක් තමයි! - ඇමරිකාව කියයි

ගෝටා ඇමරිකානු පුරවැසියෙක් තමයි! - ඇමරිකාව කියයි

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ 19 වන සංශෝධනය යටතේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ හට ශ්‍රී ලංකාව තුළ කිසිදු මැතිවරණයක් සඳහා තරගකිරීම තහනම් ය. මේ අනුව සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිණිස ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීමේ අපේක්ෂාවෙනි.

පොදු ජන පෙරමුණ විසින් ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයා බව තහවුරු කළ යුතුව තිබුණද, එයට පෙරාතුවම ගෝටා විසින් සිය ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කර තිබෙනුයේ ‘වියත් මග‘ සංවිධානය හරහා ය.

නමුත් ඇමරිකානු ආගමන හා ජාතිකත්වය පිළිබඳ පනත (US Immigration & Nationality Act -INA) යටතේ අන්තර්ගත වන ඇතැම් සුවිශේෂී විධිවිධාන යටතේ ඔහුට මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළ නොහැකි බව විශ්වාසනීය අයුරින් හෙළිදරව් කිරීමේ හැකියාව අපට තිබේ.

 ගෝඨා - බැසිල් ගැටුම

ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරණය පිළිබඳ කිසිවක් නොදන්නා, ගෝටාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය පළ කරන අන්ත ජාතිවාදී කණ්ඩායම් ඔහුගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂ සමග දැඩි සේ කෝපයට පත්ව සිටිති. ඒ, පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බැසිල් විසින් දියත් කිරීමත් සමග ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපාර කළමනාකාරවරයා වූ බැසිල් රාජපක්ෂ, සිය උපන් දිනය සැමරීමට සමගාමීව සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද දියත් කළේය.

ගෝඨාභයගේ ආධාරකරුවන් ද බැසිල් සමග කෝපයෙන් පසුවන්නේ, පෙනෙන්නට තිබෙන ආකාරයට මහින්ද රාජපක්ෂ ද කැමතිම අපේක්ෂකයා බැසිල් වීම නිසා ය.

සිය නිල කාලය තුළදී ගෝටාගේ හැසිරීම පිළිබඳ සිතා බැලීමේදීත්, චීනය සමග ගෝටාගේ තිබෙන සබඳකම් පිළිබඳ සිතා බැලීමේදීත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිගමනය වී තිබෙන්නේ බැසිල්ට සමීපයෙන් සිටිය යුතු බව ය. කෙසේ නමුත් තමන්ගේ තෝරාගැනීම බැසිල් බව මහින්ද රාජපක්ෂ විසින් තවම ප්‍රසිද්ධියේ කියා නැත.

ගෝටා සහ නාමල් රාජපක්ෂ අතර තිබෙන අරෝව ද මහින්දගේ මෙම තීරණය සඳහා ප්‍රධාන පෙළේ හේතුවක් වී ඇත.

මේ තත්වය මත,අවසන් මොහොතේ පැත්තකට වී, නව රාජපක්ෂ පාලනයක් තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට ගෝඨාභය බලාපොරොත්තු වනු ඇත. නමුත් ඔහුම පතමින් සිටින ඔහුගේ ආධාරකරුවන් මේ වන විට කුපිත වී සිටින්නේ ගෝඨාභය රාජ්‍ය නායකයා බවට පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නේ වෙන කිසිවෙක් නොව ඔහුගේම සහෝදරයා විසින් වීම නිසා ය.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකේම ජනප්‍රියත්වය වර්තමානය වන විට පහළ බැස තිබුණ ද දේශපාලන විචාරකයන්ගේ මතය වන්නේ රාජපක්ෂ සහෝදරයන් අතර මේ ඇති වී තිබෙන ගැටුම, අඳුරු වළාවක ඇඳුණු රිදී රේඛාවක් බවයි.

පෙර පුවත්- 

ඔව් ගෝඨාභයට පුලුවන් ! ගෝඨාභයට පුලුවන් දේ මෙන්න !!

ගෝටා වැදිබන දෙසයි !

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment