මංගල-ගෝඨාභය හමුව ගැන මංගල කියයි

මංගල-ගෝඨාභය හමුව ගැන මංගල කියයි
එහිදී ඇමතිවරයා කියා සිටියේ තමාට රාජපක්ෂලා හමුවීමට අවශ්‍ය නොවූවත් මහින්ද රාජපක්ෂට මෙන්ම ගෝඨාභය රාජපක්ෂට ද තමන් හමුවීමට අවශ්‍ය වූ බවයි. ගෝඨාභය රාජපක්ෂ හමුවීම ප්‍රතික්ෂේප කළ තමන් මහින්ද රාජපක්ෂට අවශ්‍ය නම් තමාගේ නිවසට පැමිණෙන ලෙස දැන්වූ බවත් ඒ අනුව හිටපු ජනාධිපතිවරයා තම නිවසට පැමිණ තමන් සමග සාකච්ඡා පැවැත්වූ බවත් ඔහු ප්‍රකාශ කරයි.
 
රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූ පසු කුමන කාරණයක් සඳහා හෝ රාජපක්ෂලා හමුවීමට තමන්ට අවශ්‍යතාවයක් නොතිබූ බවයි ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ඔවුන් හමුවීමට එක එක තැන්වලට යාමට තමන්ට කිසිදු අශ්‍යතාවක් නොතිබූ බවත් නිවසට පැමිණෙන ලෙස දැන්වූ පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තව නිවසට පැමිණ තමා හමු වූ බවත් සමරවීර මහතා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
 
හිටපු ආරක්ෂක ලේකම්වරයා බදුල්ලේ පැවති රැස්වීමකදී කියා සිටියේ සමරවීර මහතාගේ ලේකම්වරයෙකු හරහා තමා වෙත සමරවීර මහතා පණිවුඩ එවූ බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment