පොලීසිය කරන්නේ පොලීසියේ රාජකාරි නෙවෙයි - මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කියයි

පොලීසිය කරන්නේ පොලීසියේ රාජකාරි නෙවෙයි - මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කියයි

පසුගියදා "ගමට පොලීසිය" ජංගම සේවයේ මාතර තල්පාවිල උතුර 430/ ඒ පොලිස් ජංගම සේවය ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

එසේම ශ්‍රී ලංකා පොලීසියේ දැනට සිටින නිලධාරීන් 84,000, දෙකෝටි විසිහය ලක්ෂයක ජනතාව ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නැති බව ද ඒ මහතා එහිදී අනාවරණය කළේය.

එහිදී අදහස් දැක්වූ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා මෙසේ අදහස් දැක්වීය.

"කසිප්පු ටිකක්, හොර අරක්කු ටිකක් විකුණුවාම සුරාබදු එකට නෙවෙයි කියන්නේ පොලීසියට. නමුත් ලංකාවේ ඒ රාජකාරිය කරන්න සුරාබදු දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. ඒ වගේම වැලි ටිකක් ගොඩ දැම්මාම, පස් අද්දාම මිනිස්සු කියන්න පුරුදු වෙලා තියෙන්නේ පොලීසියට කියන්න. නමුත් ඒකත් අපේ රාජකාරියක් නෙවෙයි. ඛනිජ සහ පතල් කාර්යාංශය කියලා එකක් තියෙන්නේ ඒකට. අනිත් එක හොරාට ලී ටිකක් කැපුවත් කියන්නේ අපිට. ශ්‍රී ලංකා දැව සංස්ථාව, අඩවි වන ජීවී එක තියෙන්නේ ඒකට. සතෙක් දඩයම් කළාම වනජීවී එකට කියන්නේ නැතුව අපිට කියනවා.

මේ සියලුම රාජකාරී සම්බන්ධයෙන් ආයතන තිබුණත් කියන්නේ පොලීසියට. අපේ රාජකාරිය මේ රටේ තමුන්නාසේලාගේ ආරක්ෂාව සැපයීම. අපේ කාර්ය කරගෙන යන්න අපිට පිරිස ප‍්‍රමාණවත් නැති නිසා ඔබලාගේ සහයන් ඇතිව මේ කාර්යය කර ගෙන යාමේ පහසුව ඇති කරන්න. මාතර දිස්ති‍්‍රක්කය පුරාම ඒ කිසිදු පොලිස් ස්ථානයක කිසිදු පොලිස් නිලධාරියෙකුට රාජකාරිය තුළ කිසිදු දේශපාලන බලපෑමක් කරන්නේ නැහැ. දේශපාලනයට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. කිසි නිලධාරියෙක් දේශපාලන බලපෑමක් කියලා කියනවා නම් ඒ නිලධාරියාගේ තියෙන දුර්වලකම මිසක් ඒ ශ්‍රී ලංකා පොලීසියේ වරදක් නෙවෙයි.

ලංකාවට කුඩු ගේන ප‍්‍රධානතම මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා ගන්දර. අපි වැටලිීම් කරන්න ඉතාමත් උනන්දුවෙන්, අපට නුදුරේදී සෑහෙන ප‍්‍රමාණයකට මෙය මර්දනය කරන්න හැකි වේවි."

දර්ශන කොඩිතුවක්කු - මාතර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment