රණවිරු දඩයම ගැන කියන මහින්දට හමුදාපතිවරු දඩයම අමතක වෙලා - සරත් ෆොන්සේකා

රණවිරු දඩයම ගැන කියන මහින්දට හමුදාපතිවරු දඩයම අමතක වෙලා - සරත් ෆොන්සේකා

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ වනජීවී අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් පසු ඊයේ (21) යාල ජාතික වනෝද්‍යානයේ සිය ප්‍රථම නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් පසුව වනජීවී නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

රජයේ ඇමතිවරයෙකු ප්‍රකාශයක් කරනවානම් එය ඉතා වගකීමෙන් යුතුව කළ යුතු එකක් බවත් රටේ ජනතාව සියලු දේ පිළිබඳව අවධානයෙන් සිටින නිසා කවුරුන් මොනවා ප්‍රකාශ කළත් දිව පාලනය කරගෙන ප්‍රකාශ කළ යුතු බව වනජීවී අමත්‍ය සරත් ෆොන්සේකා මහතා එහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රණවිරු දඩයම සම්බන්ධයෙන් කතා කළත් ඔහු සිදුකළ හමුදාපතිවරු දඩයම සම්බන්ධයෙන් ඔහුට අමතක වී තිබෙනවා. මේ රටේ ජනතාව ඊයේ මැරිලා අද ඉපදුන අය නොවෙයි. අනුන්ට බණ කියන්න ඕන බණේ පිහිටලා ඉන්න අය.

මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අඩුවක් පවතිනවා. ඒ නිසා බොහොමයක් නීති විරෝධී කටයුතු රක්ෂිත තුළ සිදුවෙනවා. මුලින්ම එම තත්ත්වය නිවැරදි කරගන්න ඕන. ඒ වගේම හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ඉක්මනින් ගැසට් කිරීම සඳහා පියවරක් ගැනීමට කටයුතු කරනවා. පසුගිය දවස්වල ජිවිත පහක්ම නැති වෙලා තිබුණා වන අලි පහරදීම්වලින්. ඉන් තුනක්ම ගැමියෝ රක්ෂිත ප්‍රදේශයන්ට ගිහින් සිදුවූ මරණ. එම තත්ත්වය නැති කරන්න ඉදිරි වසර දෙක තුළ හැකිතාක් ක්‍රියා කරනවා."

අලි - මිනිස් ගැටුම රට තුළ සීග්‍රයෙන් පැතිරී යන දැඩි උවදුරක් බවත් ඒ සඳහා පිළිතුරු සෙවීමට යම් වැඩපිළිවෙළක් සකස් කර හැකි උපරිමයෙන් එය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන බවත් තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment