ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

සැකකරුවන් අද (22) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දී තිබේ.

අල්ලස් කොමිසමේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ව්‍යාහාරික විද්‍යාගාරය වෙත යොමු කර ඔවුන්ගේ කටහඬවල් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යව ඇති බවයි. ඒ සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ කාර්යාලය වෙත නියම කරන දිනයක සැකකරුවන් එහි රැගෙන යන මෙන් නියෝගයක් බන්ධනාගාර අධිකාරිවරයාට නිකුත් කරන ලෙසද අල්ලස් කොමිසමේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලාඇත.

විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ පවසා ඇත්තේ එවැනි පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා, එම ඉල්ලීම පිළිබඳව අධ්‍යනය කර ඊළඟ නඩු වාරයේදී තීරණයක් ලබා දෙන බව සඳහන් කර ඇත.

කන්තලේ සීනි සමාගමට අදාළ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය මුලින්ම ලැබී ඇත්තේ මීරිගම ලංකා ඉන්ඩස්ට්‍රීස් නමැති සමාගමට බව එම සමගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයෙකු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එය රුපියල් මිලියන 540 ක මුදලකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබියදී එවකට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ව සිටි අයි.එච්.කේ. මහානාම නමැති සැකකරුගේ මැදිහත්වීමෙන් එය අවලංගු කෙරුණු බව එම නීතිඥයා පවසා ඇත. මෙම තත්ත්වය මත උක්ත සමාගමද අගතියට පත්ව ඇති බැවින් නඩු විභාගයට මැදිහත් වීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම පිළිබඳ සලකමින් මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දන්නා කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ගොස් ලබා දෙන ලෙසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment