ප්‍රශ්නය ගාල්ල ක්‍රිකට් පිටියේ ප්‍රේක්ෂකාගාරය නම් එය කඩා දාන්න - මහේල ඉල්ලයි

දැනට පවතින ගාලු පිටිය ඉවත් නොකරන්නේ නම් ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය මන්දැය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.



ගාලු පිටිය ඉවත්කිරීමට තීරණය කර ඇති බවට අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් සඳහන් කළේ ගාලු ක්‍රීඩාංගණය කිසිසේතම කඩා නොදමන බවත් කොග්ගල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන බවත්ය.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන මහේල පවසන්නේ ගාලු ක්‍රීඩාංගණයේ ගැටලුව ප්‍රේක්ෂකාගාර නම් එය වෙනස් කරන ලෙසයි.


මෙම ප්‍රේක්ෂකාගාර ලොක උරුම ගාලු කොටුවේ අනවසරයෙන් ඉදිකර ඇති හෙයින් ඒවා ඉවත් නොකරන්නෙ නම් ගාල්ල ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසට යුනෙස්කෝව දන්වා ඇතැයි වාර්තා වෙයි.

ඒ සඳහා පිළිතුරු ලබාදීමට ශ්‍රී ලංකාවට එළැඹෙන වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල් ලබා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන මහේල පවසන්නේ,

“දැනට ගාල්ලේ පවතින ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නොමැතිනම් ඔබට ගාල්ලට තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයි? ප්‍රේක්ෂකාගාර ප්‍රශ්ණයක් වි ඇත්නමේ ඒවා ඉවත් කරන්න” යනුවෙනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment