ජනාධිපතිවරණ අපේක්ෂිකාවක ලෙස ශිරන්ති වික්‍රමසිංහගේ නම මතුවේ

ළඟ ජනපතිවරණයට මාස ගණනාවක් තිබුණත් මේ දිනවල උණුසුම් මාතෘකාව බවට පත්ව ඇත්තේ එක් එක් පක්ෂ වලින් කවුරු ඉදිරිපත් කරනු ඇතිද යන්න ගැනයි. ඒ අතරිනුත් පසුගිය පුංචි ඡන්දයේදී විප්ලවකාරී ප්‍රතිඵලයක් පෙන්නුම් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ගැන රටතුළ කථාබහක් මතුව තිබේ.
වඩාත් ප්‍රබල ලෙස මෙහිදී නම කියැවෙන්නේ හිටපු ජනපති සොයුරු ගෝඨාභය
රාජපක්ෂ ගැනයි. නමුත් අලුත්ම කථාබහ තුළ ගෝඨාභයගේ නම වෙනුවට විකල්ප නම් මතු කිරීමට එම පක්ෂයේම ඇතැම් පිරිස් උත්සාහ කරනු පෙනෙයි. ගෝඨාභය රාජපක්ෂ පවා මෙම තීරණය හමුවේ කවුද ඉල්ලන්නේ යන්න මහින්ද සොයුරා තීරණය කරනු ඇති බවට පෙන්වා අහක බලා සිටින අතර මේ අනුව

අපේක්ෂකයා ගෝඨාභයද බැසිල්ද නැතිනම් වෙන කවුරුද යන්න මහින්ද තීරණය කරනු ඇති බව පෙනෙන්නට තිබේ.

 ගෝඨාභය එනවාට එරෙහිව පොහොට්ටුවේම ප්‍රබලයන් දෙදෙනෙකු වන වාසුදේව හා වෙල්ගම කථාකිරීම මහින්ද පාර්ශ්වයේ උවමනාවට සිදුවූවක් බවටද පසුගිය දිනවල ආරංචි පැතිරිණි.
ගෝඨාභය එනවාට විරුද්ධ ඇතැම් පිරිස් තර්ක කරන්නේ ඔහු මිලිටරිවාදී පාලකයෙකු විය හැකි බවයි. ඇතැමුන් පවසන්නේ ඔහුට සුළු ජාතික ඡන්ද ලබාගැනීමට අපහසු වනු ඇති බවයි.
 වෙනත් මැතිවරණවලදී මෙන් නොව ජනපතිවරණයකදී ජයග්‍රාහකයාට සියයට 50 ඉක්මවීම අවශ්‍ය වීම නිසා තරග කරන පක්ෂයට සියලුම උපායන් භාවිත කරන්නට සිදුවන අතර එතැනදී සමාජය වෙනස් කරවන මානසික උත්තේජනවලට වඩා හදවතට සමීප කෙනෙකු වෙනුවෙන් ලැබෙන ගෝත්‍රවාදී ඡන්ද වලට අධික ඉල්ලුමක් පැවතීම වඩා සාර්ථක වියහැකි බවට අදහස් මතුව තිබේ.
මේ නිසා මහින්දගේ ඡන්ද එලෙසින්ම දිනාගත හැකි සෞම්‍ය අපේක්ෂකයෙකු ගැන අදහසක් මතුව තිබෙන අතර මෙවර සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබෙන්නේ ගැටුමකින් තොරව ඡන්ද අපේක්ෂකයා ලෙස මැතිවරණය ආසන්නයේදී මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති වික්‍රමසිංහව නම් කරනු ඇති බවයි.

ඒමගින් රටට වෙනසක් ඇතිකරවීම වෙනුවෙන් තර්කානුකූලව ලබාදෙන ‘පාවෙන ඡන්ද‘ ලෙස හඳුන්වන ඡන්ද

ලබාගැනීම අපේක්ෂා නොකරන නමුත් ග්‍රාමීයව ගොඩනැගී ඇති මහින්ද ප්‍රතිරූපය හා මුල්බැසගත් ගෝත්‍රවාදී අතිමහත් බහුතරයක් ඡන්ද එම උපායෙන් ලබාගෙන බලය තහවුරු කරගැනීමට හැකියාව ලබාගනු හැකි වෙතැයි වාර්තා පළව තිබේ.

19 වන සංශෝධනය ප්‍රකාරව මහින්දට තෙවැනිවර ජනපති අපේක්ෂකත්වය ලබාගන්නටය බැරිවීම නිසා මෙම විකල්පය වෙත යාමට සිදුවනු ඇත. මෙහිදී ශිරන්ති වික්‍රමසිංහට දේශපාලන දැනුමක් නොමැතිවීම ගැටලුවක් නොවනු ඇති අතර ලංකාවේ දේශපාලනය තුළ මින් ඉහත සැමියාගේ නම වෙනුවෙන් පැමිණි සිරිමාවෝ, චන්ද්‍රිකා සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීම ආදර්ශයක් වනු ඇතැයිද පැවසේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද ශිරන්ති රාජපක්ෂ ගෙන ආයුතු බවට වූ බලපෑමක් මහින්ද රාජපක්‍ෂගේ පුතුන් තිදෙනාගෙන්ද එල්ලවී තිබෙන බව සතිඅන්ත පුවත්පතක් මගින් හෙළිදරව් කර තිබේ.
එහිදී මහින්ද පුතුන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධ කරුණු කාරණාද සාක්ෂාත් කරගැනීම පහසු වනු ඇතැයි පෙන්වා දී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment