දෙහිවල ගුවන් පාලම ළඟ ගණිකා මඩමේ පාලිකාවට ඒඩ්ස්


දෙහිවල ගුවන් පාලම අසල ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් හත් දෙනා අතර සිටි එහි ප්‍රධාන පාලිකාවට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය වැලඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූ බව දෙහිවල පොලිසිය
කියයි.

ඉකුත් මස 6 වැනි දින දෙහිවල පොලිසියට ලද තොරතුරක් අනුව එම ගණිකා නිවාසයේ සිටි කළමනාකරු හා කාන්තාවන් හත් දෙනා අත්අඩංගුවට ගැනිණි.

ඔවුන් සියලු දෙනා ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත

ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබූ බව පොලිසිය කියයි.

පසුගියදා (17දා) නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අදාළ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් ප්‍රධාන පාලිකාවට එම රෝගය වැලඳී තිබෙන බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

මෙම නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි සැකකාර කාන්තාවන් හැඳ සිටි ඇඳුම් සම්බන්ධයෙන් දැඩි අවවාද කළ මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට තම සේවාදායකයන් ගෞරවනීය ස්ථානයක් වන අධිකරණයට පැමිණෙන අවස්ථාවේදී හැඳ සිටින ඇඳුම් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද වැඩිදුරටත් අවවාද කළාය.

පැමිණිල්ල වෙනුවෙන් දෙහිවල පොලිසියේ, උප පොලිස් පරීක්ෂක රුවන් ප්‍රභාත් මහතා පෙනී සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment