පෙකණි වැලවත් කොකැපු ඉපදුණු ගමන් බබෙක් කුරුණෑගල වැව ළඟ


පෙකණි වැල නොකැපූ එක් දිනක් වයසැති පිරිමි බිලිඳකු රෝස පැහැති රෙදි කඩකින් ඔතා කුරුණෑගල ජුම්මා පල්ලිය අසල වැව් බැම්ම මාර්ගයේ දමා ගොස් සිටියදී පසුගිය 16 දා අලුයම 3.45 ට පමණ 119 ට ලැබුණු
ඇමැතුමක් මත පොලිස් නිලධාරීන්ගේ භාරයට පත් විය. පොලිස් නිලධාරීන්ගේ භාරයට පත් වූ මෙම එක් දිනක් වයසැති බිලිඳා එම මොහොතේම කුරුණෑගල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්.එම්.සී.පී හේරත් මහතාගේ උපදෙස් මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයට බාර දුන් බවත්

බිලිඳ ඉතාමත් නිරෝගීව හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවත් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරංජලා ජයකොඩි මහත්මිය පැවැසුවාය.

මෙදින අලුයම එම මොහොතේ මෙම ස්ථානයෙන් ගමන් ගත් කුරුණෑගල නගරයේ මුල්‍ය ආයතනයක නිලධාරීන් දෙදෙනකුට මාර්ගය අයිනේ රෙදි කඩකින් වැසී තිබුණු "නළියන" ස්ථානයක් දැක එම ස්ථානය පරීක්ෂා කිරීමේදී බිලිඳකු සිටින බව හඳුනා ගැනීමෙන් පසු 119 අමතා පොලිසියට දැනුම් දීමක් සිදු කර ඇත. මෙම දරු ප්‍රසූතිය පහසුකම් නොතිබුණු ස්ථානයක සිදු වූ සිදුවීමක් විය හැකි බව තමන් සැක කරන බව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පැවැසුවාය.

දරු ප්‍රසූතියෙන් පසු බිලිඳා අනාරක්ෂිතව අවතැන් කළ බිලිඳාගේ මව හෝ භාරකරුවන් සොයා පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ සඳහා මහජනතාවගේ සහයෝගය පොලිසිය අපේක්ෂා කරයි.
තොරතුරක් දන්නේ නම් 037 - 2222272 - 3, 037 - 2222222 යන දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් පොලිසිය පැවැසීය.

-ආර්.එම්.ඩබ්ලිව්.බණ්ඩාර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment