උපුල් තරංග ඉවත් කර කුසල් මෙන්ඩිස් කණ්ඩායමට එක්කිරීම ගැන විවේචන


ආසියානු කුසලාන තරගාවලියේදී ලංකාව අන්ත පරාජයට පත්වීමෙන් පසු අසාර්ථක පිතිකරු කුසල් මෙන්ඩිස් කන්ඩායමෙන් තාවකාලිකව ඉවත් කළද සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම
අතර පැවති මුල් තරග දෙකෙහිදී පමණක් ඔහුව එලියේ තබා නැවත 3 වන තරගයේදී තුන්වන ක්‍රීඩකයා ලෙස කුසල් මෙන්ඩිස්ව තෝරා තිබුනේ උපුල් තරංග ඉවත් කරමිනි.
නමුත් ඔහු එහිදී සුපුරුදු ලෙස 0 ට දැවීයාම මේ වනවිට ක්‍රිකට් ක්ෂ‍ෙත්‍රයේ
 ආන්දෝලනයක් ඇති කර තිබේ.
 කණ්ඩායමේ

තේරීම් සිදු කළ අන්දම ගැන කිසිදු තර්කානුකූල පසුබිමක් නොවීමත් කුසල් මෙන්ඩිස් පුහුනුකරු හතුරුසිංහගේ හිතවතෙකු බවට පැතිරෙන රාවයත් නිසා මේ ගැන කසුකුසු මතුව තිබේ.
දිගින් දිගටම අසාර්ථක කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ තබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කියැවේ. අවසන් එක්දින තරග ත්‍රිත්වයම ලකුණු බිංදුවට දැවි ගොස් කොතරම් අසාර්ථක වුවද කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් වෙන් කර දී තිබෙන්නේ කණ්ඩායමේ ඉහළම බලධාරියෙක් බව කියවේ. මෙය පෞද්ගලික න්‍යාය පත්‍ර  නිසා අනෙක්  ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිද වැටී ඇතැයිද වාර්තා පළවේ.
මේ සම්බන්ධව සෘජුව කථාකිරීමට නිරෝෂන් දික්වැල්ලද පසුගියදා කටයුතු කළේය.
සම්බන්ධිත පෙර ලිපිය
අතිරේක ක්‍රීඩකයෙක් වුණ කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ආපු හැටි ගැන මගෙන් අහන්න එපා -දික්වැල්ල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment