පාර්ලිමේන්තුව විසිරෙව්වේ 113 නැති නිසාද කරුගේ අවුල නිසාද?


අද 9 දින රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කළේ මහින්ද
රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමෙන්

පසු 113 ට වැඩි බහුතරයක් පාර්ලිමේන්තුවේ පෙන්වීමට අසමත් බව වැටහීමෙන් පසුව බවට එජාපයට සම්බන්ධ ආරංචි හෙලි කර තිබේ. පසුගිය සතියේ මහින්දට සහාය දෙන අයට එන්න යයි දන්වා තිබූ රැස්වීමට 86 දෙනෙකු පමණක් පැමිණීමත් එයට නොපැමිණි විදෙස් ගතව සිටින හෝ මහින්දට එකතු වෙතැයි අනුමාන කළ පිරිස ගණන් බැලීමෙදීවත් 113 ඉක්මවා නොයන බව තහවුරු වීමෙන් පසු මෙම තීරණයට ගිය බව පැවසිණි.

කෙසේ වෙතත් රජයට සම්බන්ධ මාධය මගින් මෙම විසිරුවා හැරීමට හේතු ලෙස දක්වන්නේ,

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයා කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බවකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment