විසුරුවාහැරීමේ ජනපතිගේ තීරණය ව්‍යවස්ථා විරෝධියි - හිටපු නි.ඇමති නීතීඥ අජිත් පී පෙරේරා


 පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද  අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් පළ කර තිබෙන එක්සත් ජාතික පක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා,

"ජනාධිපතිවරයාගේ තීරණය නීති විරෝධීයි. නිත්‍යානුකූල නොවන නියෝගයක් පිළිනොගන්නා ලෙස අපි ස්වාධීන මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් පවසා තිබේ.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශාරදයන් පසුගියදා ප්‍රකාශ කර තිබූ අතර ඒ අනුව 2020 මාර්තු තෙක් ඒ සඳහා සිටිය යුතුය.
කෙසේ වෙතත් අගමැතිවරයෙකු පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවට ජාත්‍යන්තර අවධානයක් යොමුවූ වේලාවක මුද්‍රණාලයට ආරක්සාව යොදවා ගැසට් මුද්‍රණය කරමින් තව දුරටත් ව්‍යවස්ථා විරෝධී කටයුත්තක ජනපති යෙදුණාදැයි මේ අනුව සැකයක් මතුව තිබේ. නමුත් එය අභියෝගයට ලක්කළ හැකිද යන්න ගැටලුවකි.
කෙසේ නමුත් ජනාධිපතිවරයාට එවැනි බලයක් තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඇතුළු තවත් නීතිඥවරුන් පිරිසක් වෙනත් වගන්තියක් පෙන්වා දෛමින් තර්ක කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment