ජනපති මෛත්‍රීට එරෙහිව අයියනායක දේවාලයේ පොල් ගසයි


ජනාධිපතිවරයා විසින් වර්තමානයේ ගෙන ඇති ක්‍රියා මාර්ගයට සහ අගමැතිවරයාට එරෙහිව දේව කන්නලව්වක් සහ පොල් ගැසීමේ වැඩ සටහනක් නාත්තන්ඩියේදී අද පෙරවරුවේ සිදු කරන ලදි.



නාත්තන්ඩිය – වලහාපිටිය මාර්ගයේ පිහිටි අයියනායක දේවාලයේදී මෙම දේව කන්නලව්ව සහ පොල් ගැසීම සිදු විය. නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක චමින්ද පෙරේරා සහ වත්මන් විපක්ෂ නායක ජනිත් සංජීව යන මහත්වරුන් විසින් මෙම දේව කන්නලව්ව සහ පොල් ගැසීම සංවිධානය කර තිබුණි.

අයියනායක දේවාලයට එකතු වූ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් දේව කන්නලව්වක නිරත වී අනතුරුව රජයටත්,ජානාධිපතිවරයාට සහ අගමැතිවරයාට එරෙහිව පොල් ගැසීම සිදු කරන ලදි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment