117 කවුද ඕවා පිළිගන්නේ - එස්බී


පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වන්නේ නීති විරෝධී ආකාරයෙන් බැවින් එහිදී සම්මත වන කිසිඳු යෝජනාවක්
පිළිගැනීමට නොහැකි බව  හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවනු ලබන්නේ නව රජයක් පිහිටුවීමෙන් පසු අනුගමනය කළ යුතු කිසිඳු ක‍්‍රියාමාර්ගයක් අනුගමනය නොකර බව ද එස්.බී දිසානායක මහතා සදහන් කළේය.

  ‘රනිල් වික‍්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවකට පාර්ලිමේන්තු බහුතරය හිමිවුවහොත් එය පිළිගන්නා බව ඔබතුමන්ලා මීට පෙර පැවසුවා. අද එම කාර්යය සිදුවෙනවා. දැන් එය පිළිගන්නවාද? යනුවෙන් මාධ්‍යවේදියා ප‍්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් එස්.බී දිසානායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතු තේරීම් කාරක සභාව නම් කළ නමුත් එය රැස්වීම හෝ සෙසු කමිටු පත්කිරීමක් මෙතෙක් සිදු නොවූ බවයි.
 එවන් තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නොවන බව කී මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පරීක්‍ෂා කළ යුතු නම් හෝ විරෝධතා දැක්විය යුතු නම් එසේ කරන ක‍්‍රමවේදයක් තිබෙන බවද  වර්තමානයේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන ආකාරය නීති විරෝධී බැවින් එය ගන්නා තීන්දු පිළිගන්නේ නැතැයිද 'ඔහු කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment