Anne Charity පුණ්‍යායතනයට ආධාර පිණිස නත්තල් කැරොල් උත්සවයක්

එළැඹෙන නත්තලේ සැබෑ අරුත වන බෙදාගැනීම ,එක්සත්වීම,සාමය සහ සමගිය ලෝකයට ප්‍රකාශ කරමින්  ලයන් රෝයල්  සමුහ ආයතනය විසින් ලංකාවේ ප්‍රධාන පෙලේ පාසල් ,යෞවන සමාජ සාමාජිකයින් සහ ස්වෙච්ඡා කලාකරුවන් එක්ව සමාජ සුබසාධන කටයුත්තක නිරතවී තිබේ.
ඔවුන් අසරණ වැඩිහිටි ළමා නිවාස සහ
අඩු වරප්‍රසාද ලාබි අය සඳහා අවශ්‍යතා සපුරන St . Anne Charity පුණ්‍යායතනයට ආධාර පිණිස  නත්තල් කැරොල් උත්සවයක් කොළඹ THE PORT MACCULAM LOCK GATE දී පවත්වන ලදී.

මෙහි තිබුනු විශේෂත්වය නම් මේ සදහා  ඔවුන් සියලුම ආගම් (බෞද්ධ / හින්දු /මුස්ලිම්)  නියෝජනය වන පරිදි  ආගමික නායකයින්ද දිවයිනේ ප්‍රධාන  පෙලේ බෞද්ධ දහම් පාසලක් වන   BJF හි (ජයවර්ධනාරාම පන්සල )  ගුරුවරුන් හා  සිසු සිසුවියන් ද   මේ සදහා එක්වීමය.
ලයන් රෝයල්  සමුහ ආයතනයට LION ROYAL TOURISM/   KASSAPA LIONS ROCK HOTEL   /COCO ROYAL BEACH HOTEL /KING FISHER LODGE අයත් වන අතර   දිවයිනේ ප්‍රධාන පෙලේ පාසල් වන ශාන්ත බෙනඩික් විද්‍යාලය  , ශාන්ත ජෝසප්  විද්‍යාලය , යහපත් එඩේරාගේ කන්‍යාරාමය හා ක්‍රිස්තු රාජ  විද්‍යාලය ද SLITT , NSBM වැනි පෞද්ගලික විශ්ව විද්‍යාලද මෙයට දායකත්වය සපයන ලදි.




































Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment