ජනපති සිරිසේනගේ මලයා : කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් වනසයි.


ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේනගේ අත්තනෝමතික පාලනයට එරෙහිව අද (12) ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් විරෝධතා උද්ඝෝෂණයක් දියත්කර තිබිණ.

එහිදී උද්ඝෝෂකයන් සඳහන්කර සිටියේ සේවක වරප්‍රසාද අහිමි කරන සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය ලබාදී ඇති ලිඛිත පොරොන්දු පවා ඉටු නොකරන බවත් ඒ හේතුවෙන් පසුගිය වසර 3කට අධික කාලය තුළ සේවකයින් දැඩි පීඩාවකට පත්ව සිටින බවය.

එසේම කුමාරසිංහ සිරිසේන ඇතුළු පාලනාධිකාරියේ දුෂණ සම්බන්ධවද උද්ඝෝෂකයන් විරෝධය දක්වනු ලැබිණ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment