ජනාධිපතිගෙන් අධිකරණයට බලපෑම් : නඩු තීන්දුව ඉක්මන් කර ගැනීමට යයි.


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කඩිනමින් ලබා දෙන ලෙස අද (11) දිනයේ නීතිපතිවරයා මගින් අගවිනිසුරු නලින් පෙරේරා මහතාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ(10) දහවල් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසිය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාව තව දින 7 කින් ස්ථිර ලෙස අවසන් කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා අදට දින 7 ක් ගත වී තිබේ.

ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 4 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියා සිටියේ "අද දවසේ තිබෙන දේශපාලන අර්බුදය වැඩි ම වුණොත් ස්ථිර වශයෙන් ම තව දින 7 ක් තුළ අවසන් වන බව මම පැහැදිලිව කියනවා, අද දිනය 4, ඉදිරි සතියක් තුළ මේ දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාව සම්පුර්ණයෙන් ම අවසන් කරන බව මා ඔබට සහතික වෙනවා." කියාය.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් කිරීමට සහතික වූ දින 7, අද (11) අවසන් වන අතර මේ වන විට මෙම අර්බුදය ඉන් ඔබ්බටත් දිග්ගැස්සෙන ආකාරයක් පෙනෙන්නට තිබේ.

විශේෂයෙන් ම පාර්ලිමේන්තුව විසුරුවාලීම නිත්‍යනුකූල ද, නැති ද, යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට තවමත් දිනයක් නියම කර නොමැති වීම ඊට ප්‍රධානතම හේතුවී තිබේ.

සිකුරාදා (07) පෙත්සම් විභාගය අවසන් කරමින් අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, තීන්දුව පසු දිනක ප්‍රකාශයට පත් කරන බවය.

මේ අතර ජනාධිපති නීතීඥ ජේ. සි. වැලිඅමුණ මහතා පවසන්නේ විනිශ්චය දින නියම කිරීම සඳහා ජනාධිපතිවරයාට හෝ නීතිපතිවරයාට නීත්යානුකූල බලය නැති බවත් විනිශ්චයකරුවන් විනිශ්චය ප්‍රකාශ කිරීමට ඉඩ ලබ දිය යුතු බවත් ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment