සිරිසේනගෙන් සම්මාන ගැනීමට මම යන්නේ නැහැ : ජනපති කලාකරුවන්ගෙනුත් ප්‍රතික්ෂේපයි.

පසුගිය ඔක්තෝබර් 26 වනදා නීති විරෝධී ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින්, ව්‍යවස්ථා විරෝධි ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත් කරමින් සිදු කළ කුමන්ත්‍රණයට විරෝධය දැක්වීමක් ලෙස තමන් 2018 කලාභූෂණ රාජ්‍ය සම්මාණ උළෙල සඳහා සහභාගී වීම දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා සිය මුහුණු පොතේ සහටනක් යොදමින් සඳහන් කරයි.

ඔහු එහි සඳහන් කරන්නේ “2018, කලාභූෂණ, රාජ්‍ය සම්මාණ උළෙල සඳහා මට ආරාධනා ලැබී තිබේ. රටේ අනාගතය සමග සූදූකෙලින ජනාධිපතිවරයෙකුගේ අතින් කලාභූෂණ සම්මාණය ලබාගැනීම හා එම උත්සවයට සහභාගීවීම මම දැඩි පිළිකුලින් ප්‍රතික්ෂේප කරමි.

පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සටනට මම කොන්දේසි විරහිතව පක්ෂපාතී වෙමි.” යනුවෙනි.

මෙම සම්මාන උළෙල සඳහා ආරාධනා පත්‍රය සමග සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලිපියක්ද ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා වෙත යොමු කර ඇති අතර ඒ මහතා කලාභූෂණ රාජ්‍ය සම්මාණ ලාභියෙකු ලෙස තේරී ඇතැයිද එහි සඳහන් වේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment