මම සජිත්ට කිව්වා රෑ 10 න් පස්සේ ගමන් බිමන් යන්න එපා කියලා-ජනපති

 ඉතාමත් දක්ෂ අවංක කාර්යශූර ගුණයහපත් ඇමැතිවරයෙක් වන සජිත් ප්‍රේමදාස මහතාට සංස්කෘතික අමාත්‍යාංශය හිමිවීම ඊට සුදුසු තැනැත්තාටම එය ලැබිමක් ලෙස සැලකිය හැකි  යැයි ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා කොළඹදී පසුගියදා (29) පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස්
පළකළේ කොළඹ 7 නෙළුම් පොකුණ රඟහලේදි ඉකුත් 29 දා පැවැති 34 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අමතමිනි.

එහිදි ජනාධිපතිවරයා මෙසේද කීය. සංස්කෘතික අමාත්‍යාංශයට නායකත්වය දෙන මා හිතවත් සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා අසනීප තත්වයෙන් පසුවෙන නිසා මේ අවස්ථාවට සහභාගි නොවන බව දැන ගැනීමට ලැබුණා.  එතුමා ඉතාමත් දක්ෂ අවංක කාර්යශුර ගුණයහපත් ඇමැතිවරයකු ලෙස හැඳින්විය හැකියි. සංස්කෘතික අමාත්‍යංශය ලැබුණේ එය  ලැබිය යුතු ඇමැතිවරයාටමයි කියා මා සිතනවා. එතුමාට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මා පසුගිය දවස්වල ඔහු හමුවූ විට කිව්වා ඔච්චර පැය 24 ම දුවන්න එපා කියලා. ඇතැම් විට එතුමා කැබිනට් රැස්වීම්වලට එන්නේ නැහැ. කතා කළාට කොළඹ නැහැ. රෑ 12 ට එකට දෙකට එන්නේ. මා එතුමාට කිව්වා රෑ 10 න් පස්සේ ගමන් බිමන් යන්න එපා කියලා.  එතුමා අසනීප වුණේ වැඩියෙන් වැඩ කරපු නිසයි. එතුමා වැනි කාර්යශුර නිහතමානී ඇමැතිවරයෙකුගේ නායකතවයෙන් මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කිරීම ගැන මා සතුටුවනවා. අද මේ උත්සවයට එතුමාගේ අඩුව මහ අඩුවක් විදියට දැනෙනවා යැයිද ජනාධිපතිවරයා කීය.

මෙම අවස්ථාවට තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතා සහ හේමා ප්‍රේමදාස මහත්මියද එක්ව සිටියහ.

-ආරියරත්න රණබාහු-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment