61 වියැති නැන්දම්මාව දූෂණය කළ බෑනා රිමාන්ඩ්

බීමත්ව පැමිණ බිරිඳගේ අම්මා (නැන්දම්මා) දූෂණය කළ නරුම බෑණා කෙනෙකු පෙබරවාරි මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා ඉකුත්දා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන
ලද්දේ පිටිගල, පදිංචි කරුවෙකි. අපයෝජනයට ලක්ව ඇත්තේ අවුරුදු 61 ක් වයසැති කාන්තාවකි. සැකකරු සහ නැන්දම්මා පදිංචිව සිටින්නේ එකම ඉඩමක තැනූ නිවාස දෙකකය.

 අධික ලෙස බීමත්ව පැමිණ ඇති සැකකරු මරණීය තර්ජන එල්ල කොට දූෂණය කළ බව සිද්ධියට මුහුණ පෑ කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇය ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment