බාල වයස්කාරිය වැනසු පාසල් සිසුවා අත්අඩංගුවට

මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාමයක බාලවයස්කාර පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ පාසල් සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය පවසයි. මෙසේ
අපයෝජනයට ලක්ව ඇත්තේ
දස හැවිරිදි පාසල් සිසුවියකි. අපයෝජනය කර ඇත්තේ එම දැරීයගේම පාසලේ අධ්‍යාපනය ලබන පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකි.

දැරිය තම කිරි අම්මාගේ රැකවරණය යටතේ ජීවත්වන බව පැවැසේ. දැරීයගේ මව රැකියාවක් සඳහා විදේශගතව ඇත. පියා සහ වැඩිමහල් සහෝදරයන් ප්‍රදේශයෙන් පිට නේවාසිකව රැකියාවල්වල යෙදී ඇති බව පැවැසේ.  කිරිඅම්මා නිවෙසේ නැති අතරේ මෙම පාසල් සිසුවා නිවෙසට පැමිණ දැරියගේ කට රෙදිකඩකින් බැඳ බලහත්කාරයෙන් මෙම අපයෝජනය කර තිබේ.

නිවෙසින් පිටව ගොස් සිටි කිරි අම්මා මේ අවස්ථාවේම නිවෙසට පැමිණ තිබේ. ඇය 15 හැවිරිදි සිසුවාට පහරදී දැරිය බේරාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කර ඇත. මුන්දලම පොලිසියේ ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

-වීහේණ අනුරාධ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment