ලසන්ත හා ප්‍රගීත් ඝාතන ගැන නව හෙළිදරව්වක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල වාර්තා හෙළි කළේ නම් අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත වන්නේ වත්මන්
ආණ්ඩුවේ කැබිනට්
ඇමැතිවරයකු සහ කැබිනට් ඇමැති ධුරය ලබාගැනීමට ජනාධිපතිවරයා සමඟ අරගල කරන මන්ත්‍රිවරයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ කියයි.

එම පරීක්ෂණ දිනෙන් දින යට යන්නේ ඔවුන්ගේ බලපෑම මත බවත් වසර හතරකට ආසන්න කාලයක් මෙම පරීක්ෂණ හෙළිදරව් කිරීම ප්‍රමාද වීමට හේතුව රට ඉදිරියේ ප්‍රකාශ කරන්නැයි ආණ්ඩුවට බල කර සිටින බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

වර්තමානයේ ආරක්ෂක ඇමැති ධුරය දරන්නේ ජනාධිපතිවරයා වන බැවින් මෙම ඝාතන සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ රටට හෙළි කිරීම ඔහුගේ වගකීමක් බවද ඔහු ඊයේ (31දා) ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.

-ශලනි වෙත්තසිංහ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment