රෝහලේ 12 වන මහලෙන් පැන සියදිවි නසාගනියි

මරදාන ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු සියදිවි හානි කරගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ රෝගීයා එම රෝහලේ 12 වන මහලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන ඇති බවයි.

සියදිවි හානි කරගෙන ඇත්තේ 50 හැවිරිදි තලවතුගොඩ, මාදිවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා පෙබරවාරි මස 27 වනදා සිට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වෙයි.

මෘත ශරිරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
 


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment