වෙබ් අඩවි මාර්තු 31ට පෙර ලියාපදිංචි කරන්න කියයි

මෙතෙක් ලියාපදිංචි නොකර පවත්වාගෙන යනු ලබන පුවත් වෙබ් අඩවි මාර්තු මස 31 වැනිදාට පෙර ලියාපදිංචි කර ගන්නා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය දැනුම්දීමක් කර තිබේ.

ඒ අනූව එදිනට ‍පෙර අදාළ වෙබ් අඩවි ලියාපදිංචි කරන ලෙසත්, එසේ නොකර පවත්වාගෙන යන වෙබ් අඩවි ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ නිල පිළිගැනීමක් නොලැබ පවත්වාගෙන යන පුවත් වෙබ් අඩවි ලෙස සලකන බවත්, පැවසේ.

මේ ගැන වැඩිදුරටත් ‍තොරතුරු 011 - 251 3460 හෝ 011 251 3943 යන අංක‍වලින් හෝ www.media.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය දන්වා සිටියි.

දැනටමත් වෙබ් අඩවි රැසක් ලියාපදිංචි කර පවත්වාගෙන යන බවත්, පෙන්වාදෙන එම අමාත්‍යංශය ලියාපදිංචි කිරීමකින් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවි ද ජනමාධ්‍ය ආචාර ධර්ම රැකෙන පරිදි කටයුතු කිරීමේ වැදගත්කම වැඩිදුරටත් අවධාරණය කරයි.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment