බේකරි නිෂ්පාදන සඳහා භාවිත කරන තිරිඟු පිටි මිල රුපියල් 7න් අඩු කිරීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.
පාරිභෝගික සතියක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක වන බව එම සමාගම පවසයි.
පාරිභෝගික සේවා අධිකාරියේ ඉල්ලීම මත මෙම මිල අඩුකිරීම සිදුකෙරෙන අතර එය එළඹෙන 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව සඳහන්ය.
මේ අතර පාරිභෝගික සතිය තුළ පාන් මිල අඩු කර විකිණීමට ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පැවසුවේය.
0 comments :
Post a Comment