රට පුරා හොරකමේ ගොස් 'දියණියට අකුරු කරවූ' අප්පච්චි පොලිස් දැලේ


තම දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණෙන් සොරකමේ යෙදුණු බව කියන පියකු අත්අඩංගුවට ගැනීමට  පිටකොටුව පොලිසිය සමත්ව තිබෙනවා.

සොරාගත් රුපියල් ලක්‌ෂ විසිපහක දේපළ ද ඒ සමඟ සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්කිස්‌ස, දෙමටගොඩ, නුගේගොඩ, දෙහිවල, සපුගස්‌කන්ද හා පන්නල යන ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් පොලිසියට ලැබුණු පැමිණිලි අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරගත් භාණ්‌ඩ විකුණා ලබාගත් මුදල්වලට සිදුකළේ කුමක්‌දැයි ප්‍රශ්න කිරීමේදී තම එකම දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා එම මුදල් වියදම් කළ බව පැවසීයයි පොලිසිය සඳහන් කළා.

සැකකරු මහව ප්‍රදේශයේ පදිංචි අයකු බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment