කෝටිපති පුතාව හිරේ දමා 'සරසවි දැරියට සාධාරණය ඉටු කළ' විනිසුරුතුමියට ලැබුණ ප්‍රතිචාර මෙන්න


සරසවි ශිෂ්‍යාවක රැගෙන ගොස්‌ ඇයට අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරුවකු වූ කෝටිපතියකුගේ  පුතෙකුට  බස්‌නාහිර පළාත් බද මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය බරපතළ වැඩ ඇතිව තිස්‌හත් වසරක සිර දඬුවම් නියම කරන ලද්දේ පෙරේදා(03) යි.

"තමා ධනය සහ බලය පෙරටු කරගෙන සමාජය දීප්තිමත් කිරීමට සිටි අහිසංක සරසවි ශිෂ්‍යාවකගේ අනාගතය අඳුරු කළා. තමාගේ තාවකාලික ලිංගික ආශාවන් ඉටු කර ගැනීම සඳහා පාපතර සහ තිරිසන් ලෙස සරසවි ශිෂ්‍යාවගේ අනාගතය කෙළිබඩුවක්‌ ලෙස සලකා විනාශ කලා. මෙවැනි බරපතළ වැරදිවලට අධිකරණයෙන් උපරිම, දඬුවම් ලබා දීමට පසුබට වන්නේ නෑ" යනුවෙන් විනිසුරුවරිය තීන්දුව ලබා දෙමින් වැදගත් ප්‍රකාශයක් කරනු ලැබුවා.

විත්තිකරුට දඬුවම් නියමකරමින් මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය කළ එම ප්‍රකාශය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනා පවසන්නේ  චම්පා ජානකී රාජරත්න මහත්මිය ලබා දුන් තීන්දුව මෙන්ම කරන ලද ප්‍රකාශය සමාජයේ ප්‍රශංසාවට ලක් විය යුතු බවයි.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ  මේ සඳහා ලැබී ඇති ප්‍රතිචාර කිහිපයක් පහතින් දැක්වෙනවා

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment