තමන්ව බලෙන් ක්‍රිකට් ගස්සන බවට ලසිත් මාලිංගගෙන් තේරීම් කමිටුවට චෝදනා


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි 20 හිටපු නායක ලසිත් මාලිංගට ඊයේ (14දා) ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට සිදුවූයේ ආබාධ තත්ත්වයෙන් වුණත් ඔහුව මෙවර ලෝක කුසලාන තරගාවලියට තේරීම් කමිටුව නම් කර තිබුණ නිසා. 
ඔහු දණහිසේ ආබාධයකින් පෙළෙන අතර තරගාවලියට ඔහුගේ සහභාගීත්වය තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකයි.
කෙසේ වෙතත් මාලිංග ඉන්දියාවට පිටත් යාමෙන් අනතුරුව පවසා සිටියේ තමන්ට ක්‍රීඩා කරන්නට හැකියාවක් නැති බවයි. නායකත්වයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ද කල කිරිමෙන් පසුවන මාලිංග ඒ ගැන පැවසුවේ මෙවන් අදහසක්.
‘‘මගේ අබාධිත තත්ත්වය පොඩ්ඩක්වත් සුවවී නැ, ආබාධයට ලක්වූ මාව කණ්ඩායමට ඇතුලත් කළේ මොකද කියල මන් දන්නේ නැ, තේරීම් කමිටුව ලෝක කුසලානයට යන්න කියල කියපු නිසා මම ආවා. ආසියානු කුසලාන තරඟාවලියේ පළමු තරඟයෙන් පසුවත් මම කිව්වා වෙනත් ක්‍රීඩකයෙකුව ආදේශ කරන්න කියලා ඒකත් කළේ නෑ. මම හිතන්නේ කකුල කැඩුණු මාව සංචිතයට දාන්නේ නැතුව තරුණ ක්‍රීඩකයෙකු අවස්ථාව දුන්නානම් හොදයි. පැය කිහිපයක් තුල කණ්ඩායම වෙනස්වුණා මම රාත්‍රියේ නිදාගෙන උදේ බලනකොට තේරීම් කමිටුවක් පත්කරලා කණ්ඩායමකුත් නම් කරලා එකේ මම ඉන්නවා. මම සිතන්නේ IPL ක්‍රීඩා කරන්නත් මට බැරිවෙයි IPL තරඟාවලියට මාස 2ක් විතර තියෙනවා.  ඒ නිසා අවසන් තරඟ 2 ක් 3ක් වත් ක්‍රීඩා කරන්න මම උත්සහ කරනවා. මම කරන සියලූම දේවල් ජනතාවට පෙන්නේ වැරදියටමයි එකට මට කරන්න දෙයක් නෑ.“
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment