ඇමති පාඨලී පැදවූ බව කියන පිජ් එකට තරුණයෙක් හැප්පුණු සිද්ධිය ලොකුවටම පත්තු වෙයි - වීඩියෝ

සිද්ධිය වුණු තැන හිටපු තරුණයින් දෙන්නෙක් කටඅරී

අමාත්‍ය පාඨලී චම්පික රණවක පැදවූ බව පැවසෙන ජීප් රථයේ ගැටී තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා අනතුරට පත් තරුණයාගේ මිතුරන් දෙදෙනෙකු ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එම තරුණයන් එම ස්ථානයේ සිටි දෙදෙනෙක්. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසිංහ, ඞී.වී. චානක යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුවයි මෙම ලිපිය යොමු කර ඇත්තේ.

එම ලිපිය මගින් ඔවුන් විමසා ඇත්තේ පසුගිය 29 වන දා රාජගිරියේදී අමාත්‍ය පාඨලී චම්පික රණවකට අයත් ජීප් රථයක යතුරුපැදියක් ගැටී තරුණයෙකු තුවාල ලැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විධිමත් පරීක්ෂණයක් සිදුකර ඇත්ද යන්නයි.

අදාළ ජීප් රථය ගමන් කළ මාර්ගයන්හි සීසීටීවී දර්ශන පරීක්ෂා කළේ ද? සිද්ධියට අදාළව පොලීසිය වෙත ප්‍රකාශ ලබාදීමට සාධාරණ අවස්ථාවක් ලබාදුන්නේ ද යන්න පිළිබදව ද මෙහිදී විමසා තිබෙනවා.

යුක්තිය ඉටු කිරීම සඳහා වරදකාරී පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම පොලීසිය සතු ප්‍රමුඛ වගකීමක් බව සිහිපත් කරන අදාළ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් සදහන් කරන්නේ සිද්ධිය පිළිබද අඛණ්ඩ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මේ අතර, සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් සංදීප් සම්පත් නැමැති 24 හැවිරිදි තරුණයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.



(under the courtesy of hirunews news web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment