අපිටත් ගහලා ෆයිනල් යන්න අපේම පුහුණුකරුවෙක් බංග්ලාදේශයට දුන්නු කවුරුත් නොදන්න උපදෙස

ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්න බංග්ලාදේශය සමත්වුණා. ඒ පාකිස්ථානය සමග පැවති තරගය ජය ගැනීමත් සමගයි. ඒ ජයග්‍රහණයෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක මශ්රෆි මොටාසා මාධ්‍ය වෙත තරගය අතරතුරදී සිදුවු සුවිශේෂී සිදුවීම් කිහිපයක් විස්තර කලා.

18 වන පන්දු වාරයේදී අපේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මගේ ළගට ආවා. ඒ වෙලාවෙ ඊළඟට පිටියට යන්න හිටියේ මොහොමඩ් මිතුන්. නමුත් හතුරුසිංහ මට කිව්වා මොහොමඩ් අමීර් බෝලේ රිවස් රින්ග් කරනවා ඒක නිසා ඊළග ඕවරේ විකට් එකක් ගියොත් ඔයා පිට්ටනියට යන්න, මොකද ඔයාට පුලුවන් ඒ බෝලවලට පිට්ටනියේ කෙලින් පහරවල් එල්ල කරන්න.

හතුරුසිංහ සහ මොටාසා අතර මෙම සංවාදය සිදුවන ආකාරය රූපවාහිනී කැමරා මගින් සුලු වේලාවක් ක්‍රීඩා ලෝලීන්ට දැක ගන්නට ලැබුනා. එම දර්ශණයෙන් පසු ඊළග පන්දුවෙන්ම පන්දුවට පහරදෙමින් සිටි ශකීබ් අල් හසන් දැවී ගියා. ඒ අනුව සම්පුර්ණයෙන් සුදානම් වී නොසිටියත් ඊළට පිටියට පැමිණියේ මශ්රෆි මොටාසායි. හතුරුසිංහ කියූ පරිදිම ඊළග පන්දු වාරයට හතරේ පහර දෙකක් එල්ල කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන යන්නට මොටාසා සමත්වුනා.

2012 වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුනේත් බංග්ලාදේශය සහ පකිස්ථානය අතරයි. එම තරගය ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේදී ලකුණු 9 ක් ලබා ගැනීමට තිබුනත් බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 7 ක් පමණයි. එම අවස්ථාවේදීත් පන්දුවට පහර දෙමින් සිටි තුන් ඉරියව් ක්‍රීඩක මහමදුල්ලා මේ තරගයේදී අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටියා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමග පැවති තරගයෙන් අනතුරුව බංග්ලාදේශ නායක මශ්රෆි මොටාසා පැවසුවේ 2012 වසරේ මුහුණදුන් එම අමිහිරි මතකය මකා දැමීම වෙනුවෙන් ජයග්‍රාහී ලකුණ මහමදුල්ලා ලවා ලබා ගැනීමට අවශ්‍ය වූ බවයි

බංග්ලාදේශ නායකයාගේ අරමුණ අනුවම මහමුදුල්ලාට මෙවර පකිස්ථානයට එරෙහි  තරගයේ ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමට ද හැකියාව ලැබුනා. මශ්රෆි මොටාසා පෙන්වා දෙන්නේ මෙම තරගය ජයග්‍රහණය කල ආකාරයෙන් ඉදිරියේදීත් ක්‍රීඩා කිරීම කණ්ඩායමේ අරමුණ බවයි.

ඒ වෙනුවෙන් චන්දික හතුරුසිංහගෙන් ලැබෙන සහය ද බංග්ලාදේශ ක්‍රිකට් නායකයාගේ දැඩි ඇගයීමට ලක්වී තිබෙනවා. ශ්‍රී ලාංකික පුහුණුකරුවකු පිළිබඳ බංග්ලාදේශයෙන් ලැබෙන ප්‍රසාදය ලාංකිකයන් ලෙස අපගේ ද ආඩම්බරයට ලක්වන කරුණක්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment