මිතුරා සමඟ අනියම් පෙමක් ඇතැයි බිරිඳ සැමියාට ලියුමක් තබා ගිහින් සිද්ධ වුණු වින්නැහිය - වීඩියෝ

‘‘මම එනකොට අනිනවා බිම දාගෙන,මම කෑ ගැහුවා බේරගන්න කියලා, ඒකරලා මිරිස් ගලක් ඔළුවට අතෑරියා


ගලේවෙල ඉහල බම්බාව ප්‍රදේශයේ ඊයේ (4) රාත්‍රී පුද්ගලයකුට  පිහියකින් ඇන මිරිස් ගලකින් හිසට පහර දී මරා දමා එම අදාල පුද්ගලයාද වස වර්ගයක් පානය කර අසාධ්‍ය තත්වයේ රෝහල් ගතකර ඇති සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල ඉහල බම්බාව ප්‍රදේශයේම පදිංචි කේ .ජි .නිශාන්ත (32) නමැති දෙදරු පියෙක්. ඔහු ඝාතනය කොට වස පානය කර ඇත්තේද එම ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙකි

මියගිය අය සමඟ අනියම් සබඳකමක් ඇති බවට වස පානය කල පුද්ගලයාගේ බිරිඳ විසින් ඊයේ (4) ලිපියක්  ලියා  නිවසේ තබා පිටව ගොස් තිබෙනවා

මෙයට කෝප වූ සැමියා මියගිය පුද්ගලයා සමඟ මත්පැන් පානය කිරීමට යැයි පවසා ඔහුගේම යතුරු පැදියේ නැඟ නිවසින් පිටත්ව ගොස් තිබෙනවා. පසුව මද දුරක් යද්දී ඔහුට පිහියකින් ඇන ඇති අතර පසුව පිහි පහර කෑ පුද්ගලයා නැවත නිවස දෙසට දිවගොස් තිබෙනවා.

ඔහුගේ කෑ ගැසිල්ලට මව හා පිරිසක් එතනට පැමිණ ඇති අතර බිම වැටි සිටි පුද්ගලයාට මිරිස් අබරණ ගලක් ගෙන හිසට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබෙනවා. මෙලෙස අදාල පුද්ගලයාට පහර දී වස  පානය කල සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලේවෙල රෝහලෙන් දඹුල්ල රෝහලට මාරු කර යවා ඇත


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment