නාමල් මේ සතියේ අත්අඩංගුවට.. පෙර ඇප නොඉල්ලා ඇතුලට යන්න නාමල් ලෑස්තියි..

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුලත පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගනු ඇති බව ආරක්‍ෂක ආරංචි මාර්ග කියයි.

අදාල සිදුවීම සම්බන්ධව දුරකථන සංවාද විශාල ප‍්‍රමාණයක් විමර්ශනය කර ඇති බවත් නීති අංශවල උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇතැයිද වාර්තා වේ.

මේ අතර අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට මූලික මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නැයි ඥතීන් විසින් මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට කර ඇති යෝජනාව ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර එවැන්නක් උවමනා නැතැයිද ඔහු පවසා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment