බිදී නොයන ආදරයක්


මුතු තරංගා ගැන මේ දවස්වල කලා ලොවේ වගේම රසිකයන් අතරත් කතා බහට ලක්වෙනවා. මුතු ටෙලි නාට්‍ය කිහිපයක් ඔස්සේම අප නෙතුමානයට පැමිණනවා. මුතු ගැන මේ දවස්වල කතාබහ වෙන්නේ වෙනත්ම හේතුවක් නිසා බවයි ඇය අප සමඟ පැවැසුවේ.

“මේ දවස්වල වැඩිපුරම කලා ලොවේ මිතුරු මිතුරියන් සහ රසිකයන් මා ගැන වැඩිපුරම කතාබහ කරන්නේ එක්තරා හේතුවක් නිසා. මොකද මමයි මගේ පෙම්වතා නිශාන්තයි වෙන්වෙලා කියලා රාවයක් මේ දවස්වල ක්ෂේත්‍රයේ පැතිරෙනවා. අපි දෙන්නා ක්ෂේත්‍රයේ ඕනම දෙයකට යන්නේ එකටමයි. නමුත් පසුගිය මාස දෙකේ අපි දෙන්නම කාර්යබහුල වුණ නිසා සාදයන්ට, වැඩකටයුතුවලට ගියේ එකට නෙමෙයි. ගොඩක් අය හිතල තියෙන්නේ මමයි නිශාන්තයි වෙන්වෙලා කියලයි. මේ නිසා තමයි එවැනි රාවයක් යන්නේ. එය වැරැදි රාවයක් කියලයි මගේ රසිකයන්ට මම කියන්නේ. අනෙක නිශාන්ත කියන්නේ මාව හොඳින්ම තේරුම් ගත් කෙනෙක්. අපි දෙන්නා අතර ඇති අවබෝධය විශාලයි. එනිසා ඒ ආදරය කවදාවත් බිදී යන්නේ නැහැ., 


(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment