එක්නැලිගොඩ බිරියත් පොල් ගසා යුක්තිය පතයි

තම සැමියා ඇතුළු අතුරුදන් කළ සියලුදෙනා සම්බන්ධයෙන් ඉකුත් රාජපක්ෂ ආණ්ඩුව වගකිව යුතු බව මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියයි.

අතුරුදන් සිය සැමියා  සම්බන්ධයෙන් සත්‍ය හෙළිකර යුක්තිය ඉටුකර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටිමින් ඇය ඇතුළු පිරිසක් අද (05) කඩුවෙල නවගමුව දේවාලයේදී පොල්ගසා දේව කන්නලව්වක නිරත විය.

අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඇය කියා සිටියේ සිය සැමියා සම්බන්ධයෙන් බොරු ප්‍රචාරය කරන විමල් වීරවංශ ඇතුළු නඩයට පාඩමක් උගන්වැන්නැයි පත්තිණි මෑණියන්ගෙන් ඉල්ලා සිටි බවයි.

එසේම බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපරාධකරුවන්ට පිරිත් නූල් බඳින බවත්, සැමියා නැතිව අසරණව සිටි තමන් ළඟට විත් බැණ වැදීම සුදුසුද යන්නත්, ඇය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස විමසා සිටියාය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment