පාතාලය 'පූජිතගේ' කර මතට

පසුගිය දින කිහිපය තුළ ඇතිවූ වෙඩි තැබීම් සමගින් පාතාල සන්නද්ධ කණ්‌ඩායම් යළිත් හිස ඔසවන නිසා බස්නාහිර පාතාලය මැඩලීමේ වගකීම බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත්  ජයසුන්දර මහතා වෙත බාර වී තිබෙනවා.

මීට පෙර කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් පාතාලය සහා හෙරොයින් ජාවාරම් මැඩලීම සම්බන්ධයෙන් ඔහුට අත්දැකීම් ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව අද(05)සිට පුළුල් විමර්ශනයක්‌ කර තොරතුරු රැස්‌ කිරීම හා ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලිස්‌ කොට්‌ඨාස භාර නිලධාරීන්ගේ  පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

මේ සඳහා අපරාධ වාර්තා කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතාගේ සහායද හිමි වනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment