අවි ගනුදෙනුව වරදී

අමාත්‍යංශයක හිටපු ලේකම්වරයකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිව් දෙනෙක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ගිනි අවි රැගෙන බණ්ඩාරගමට පැමිණ සිටියදී (15) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාසයේ නීති බල ගැන්වීමේ ඒකකය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර යුද හමුදාවේ පළවැනි ගජබා ඒකකයේ හිටපු සෙබළෙක් හා විශේෂ කාර්ය බළකායේ වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයකු ද වන බව පොලිසිය කියයි.
ඔවුන් සතුව තිබූ පිස්තෝල උණ්ඩ 28ක් පොලිස් බාරයට ගෙන ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment