මෛත්‍රීට තියෙන්නේ රනිල්ට දීලා බලාගෙන ඉන්නයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහළින් සිටිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට කරගෙන යාමේ සම්පූර්ණ වගකීම බාරදිය යුතුය යන්න තමන්ගේ යෝජනාව බව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

සිය කාර්යාලයේදී අද (03) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා පෙන්වාදුන්නේ ජාති භේද, ආගම් භේදවලින් තොරව රටක් ලෙස ඉදිරි ගමනක් යා යුතු බවයි.

කට්ටියක් ක්‍රෝධ කරමින් හා කට්ටියක්  සන්තෝෂ කරමින් එම ගමන යාමට නොහැකි බවද මර්වින් සිල්වා මහතා එහිදී පැවසීය.

තමන් දේශපාලනයෙන් පැරදී නැති බවත්, තමන්ට තරඟ කිරීමට ‍නුදුන් බවත්, පැවසූ ඒ මහතා කොටියා, සිංහයා වැනි සතුන් නිතරම පෙනෙන්නට නොසිටින්නාක් මෙන් තමන්ද අවශ්‍ය වෙලාවට පමණක් පෙනී සිටින බව කියා සිටියේය.

තමන් රට වෙනුවෙන් තනිවම වුවද  ඉදිරිපත් වන බවත්, තවමත් තමන් දේශපාලනයෙන් සමුගෙන නැති බවත්, කියා සිටි ඒ මහතා පොල් ගැසීම පොදු විපක්ෂයේ අයිතියක් ඇති බැවින් ඊට එරෙහිව කිසිවක් නොකියන බවද මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස  පැවසීය.

තමන් කාලි කෝවිලේ සත්ව බිලි පූජාවට විරුද්ධ වූ අවස්ථාවේද තමන්ට එරෙහිව පොල් ගැසූ නමුත් තමන් නිවැරදි පිළිවෙතක සිටි නිසා පොල් ගැසීමෙන් ඵලක් නොවූ බවද, ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූ ආකාරයට ගව මස් කෑමේ පිළිවෙතින් ජනතාව ඈත් කිරීම සඳහා වැඩකොටසක් කරගෙන යන බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment