ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි වරටත් පරාජයට පත් වෙයි


ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පකිස්ථානය සමග පැවැති තරඟයෙන්ද ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර ගැනීමට සිදුවිය.මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ සිව්වැනි තරඟය මෙය වේ.එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවැති තරඟය හැරුණු විට ඉන්දියාව, බංග්ලාදේශය හා අද පකිස්ථානු කණ්ඩායම සමග පැවැති තරඟයද පරාජය වෙමින් තරඟාවලියේ පිට පිටම ලැබූ තෙවැනි පරාජයට උරුමකම් කීමට ඒ අනූව ශ්‍රී ලංකාවට සිදුවිය.

ඊයේ තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් විය.ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 75ක් ලබාගත් අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 58ට දැවී ගියේය.පකිස්ථානු ආරම්භක පිතිකරුවන් එම ඉලක්කයට සාර්ථක අඩිතාලමක් දමමින් මැදපෙළ පිතිකරුවන්ට ජයග්‍රහණයේ මාවත විවර කරදෙනු ලැබුවේ පන්දුවාර 19.2දී ඉලක්කය පහසුවෙන්ම ළඟා කර ගැනීමට හැකිවන පරිදිය.

පකිස්ථානය වෙනුවෙන් සෆ්රාස් අහමඩ් ලකුණු 38ක් හා උමාර් අක්මාල් වේගවත් ලකුණු 48ක් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට අඩිතාලම දැමීය.ඒ අනූව ඔවුන් එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් විය.ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඊයේ තරඟයේදී දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරීය.

මේ සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික තරඟ සියල්ලම අවසන් වූ අතර අවසන් තරඟය බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

Courtesy : ITN News
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment