අලුතින් දෙමළ පෙරමුණක් බිහි වෙයි

අලුතින් දෙමළ පෙරමුණක් බිහි වෙයි

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු විසදීම වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙමළ ජාතික පෙරමුණ නමින් නව සංවිධානයක් බිහි කිරීමට කටයුතු කරන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා පවසයි.

ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී පක්‍ෂ නායක ඩග්ලස් දේවානන්ද, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රභා ගනේෂන් ඇතුළු පක්‍ෂ 10 ක පමණ නායකයන් සමග නව පක්ෂයක අවශ්‍යතාවය ගැන සාකච්ඡා පැවත්වූ බවයි. 

නව පක්ෂයක අවශ්‍යතාවය වශයෙන් ආනන්ද සංගරී මහතා පෙන්වා දෙන්නේ දෙමළ ජාතික සන්ධානය මගින් දෙමළ ජනතාවගේ ගැටලු සදහා විසදුමක් නොලැබෙන බැවින් නව පෙරමුණ බිහි කිරීමට සූදානම් බවයි. 

මේ සම්බන්ධයෙන් කොළඹදීද සාකච්ඡාවක් පැවැත්වීමටද සූදානම් බවත් ආනන්ද සංගරී මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ‘දෙමළ ජනතා සභාව‘ නමින් සංවිධානයක්ද පසුගියදා බිහිවුනේ දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් සොයන බව පවසමිනි.

වන්නි - රොමේෂ් මධූෂංඛ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment