'අපේ හමුදාව යුධ හමුදාවක් නෙවෙයි සාම හමුදවක්' - රෙජිනෝල්ඩ් කුරේ 

'අපේ හමුදාව යුධ හමුදාවක් නෙවෙයි සාම හමුදවක්' - රෙජිනෝල්ඩ් කුරේ 

අපේ හමුදාව අද යුධ හමුධාවක් නෙවෙයි සාම සාධක හමුදාවක් බවත් සංවර්ධන හමුදාවක් සුහදතාවය ගොඩනගන පණිවිඩකරුවෙක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

පුනරීන් නාලංකට්ටි ප්‍රදේශයේ 661 වන බල සේනාධිපති කර්නල්  ජී.එම්.බී.කේ ඒකනායක මහතාගේ මුලිකත්වයෙන් පුනරීන් ශ්‍රී විග්නේශ්වරා මහා විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකර පාසල් දරු දැරියන්ට පරිත්‍යාග කිරීමේ උත්සවයකට සහභාගීවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා,

“මම ආඩම්බර වෙනවා මේ වගේ උත්සවයකට සහභාගි වීම ගැන. ආණ්ඩුකාරවරයා වශයෙන් මගේ යුතුකම වී තිබෙන්නේ උතුරත් නැගෙනහිරත් දෙමල ජනතාව, සිංහල ජනතාවත් සමගි සම්පන්නව එක්සත් ශ්‍රී ලංකාවක සහෝදරයින් බවට පත් කිරීමේ සම්බන්ධීකරණ කාර්යයි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝජිතයා හැටියට උතුරේ ජනතාව සමග සමීප මිත්‍ර සම්බන්දතාවයක් ගොඩනැගීම මාගේ යුතුකම වෙලා තියෙනවා. ඒ කාර්යට ඔබතුමන්ලා දී ඇත්තේ ඉතා විශාල සහයෝගයක්.

වෛරය වෙනුවට සිනහවෙන් වන්දි ගෙවන්න ක්‍රෝධය වෙනුවට ප්‍රේමයෙන් වන්දි ගෙවන්නත්. විනාශය වෙනුවට සංවර්ධනයෙන් වන්දි ගෙවන්නත් වින්ද දුක් වෙනුවට සතුටින් සිනහවෙන් නැවත මේ රටට සංග්‍රහ කරන්නත් අපේ රටට වාසනාව ලැබේවා. අපේ හමුදාව අද යුධ හමුදාවක් නෙවෙයි සාම සාධක හමුදාවක් සංවර්ධන හමුදාවක් සුහදතාවය ගොඩනගන පණිවිඩකරුවෙක්. අතීතයේ සිදුවූ සියලුම දෑ අමතක කර අනාගතයට පිය නැගිය යුතුයි. පරණ වෛරය ක්‍රෝධය වලින් අතීතය විග්‍රහ කිරීම නතර කරමු. “ යැයි හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment