ඇමති වෙද ආරච්චිගෙ,සොහොයුරාගේ දියණියට පිහියෙන් ඇනලා-මාධ්‍යටත් තර්ජන

එක්සත් ජාතික පක්ෂයේ ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙද ආරච්චි සිය සොහොයුරා වන කිර්ති වෙද ආරච්චිගේ දියණියට ඇයගේ පෙම්වතා විසින් පිහියෙන් ඇනිමෙන් බරපතල ලෙස තුවාල ලබා  කරාපිටිය රොහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේන බව දකුණු පළාත් අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.මැයි පළමුවැනිදා නිවසටම පැමිණි පෙම්වතා ඇයට පිහියෙන් ඇණ ගොස් ඇති අතර ඊට හේතුව වි ඇත්තේ ප්‍රේම සම්බන්ධයට ගැහැණු ළමයාගේ දෙමාපියන් විරුද්ධ විමත් අවස්ථා ගණනාවක ප්‍රේම සබඳතාවය නතර කරන ලෙසට රාජ්‍ය ඇමති දිලිප් වෙද ආරච්චි අදාල තරුණයාට බලපෑම් කිරිම හේතුවෙන් බව දැනට අනාවරණය  තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු මාධ්‍යකට වාර්තා කිරිමට අවස්ථාව නොදේන ලෙස ඇමතිවරයා බලපෑම් කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය ප්‍රාදේශිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටද තර්ජනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පවා නතර කිරිමට ඇමතිවරයා කටයුතු කර ඇති අතර අදාළ පිහි පහර එල්ල කල තරුණයා සොයා පිහියෙන් ඇණ මරා දමන ලෙසට ඇමතිවරයාගේ පාතාලයන් කිහිප දෙනෙකු ද යොදවා ඇති බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

කෙසේවෙතත් අදාළ දියණියට පිහියෙන් ඇණිම පසුපස තවත් කතාවක් ඇති බවට මෙ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර මැයි 1 වැනිදාම පිහි ඇනුම සිදුවිම ගැන මේ වනවිට අප වාර්තාකරුට සැක පහල වි ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුටු කරමින් සිටි.

අදාළ තරුණයා ඇමති දිලිප් වෙද ආරච්චිගේ මැර කණ්ඩායමේ සමාජිකයෙක් බවට දැනට තහවුරු වි තිබේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment