පොලිස්පතිගෙන් ජනමාධ්‍යයට පාඩමක් (VIDEO)

පොලිස්පතිගෙන් ජනමාධ්‍යයට පාඩමක් (VIDEO)

ජනමාධ්‍යවේදීන් සිදුකරන්නේ මහජන සේවයක් බවත් එම ජාතික සේවය නිසිපරිදි සිදුවීමට නම් ජාතික අවශ්‍යතාව හඳුණාගත යුතු බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

පදනම් විරහිත සහ තර්කානුකූල නොවන සාවද්‍ය පුවත් වාර්තා කිරීම ඇතැම් මාධ්‍ය ආයතන විසින් සිදු කරන බව පැවසූ ඒ මහතා, එම පුවත් මගින් මහජනතාව වැරදි අවබෝධයන් ලබාගෙන බියවෙන අවස්ථා පවතින බව ද අවධාරණය කළේ ය.

පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (03) මහනුවර දී මාධ්‍යවේදීන් අමතමිනි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

තව ද ඇතැම් මාධ්‍ය ආයතන අවිචාරශීලීව සිදු කෙරෙන පුවත් වාර්තාකරනය හේතුවෙන් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්වන අවස්ථා පවා ඇති බවයි පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

සෑමවිටෙකම හොඳින් සොයා බලා සත්‍යය පමණක් වාර්තා කළ යුතු බවත් සැකයක් පවතින දෙයක් කිසිවිටෙක වාර්තා නොකළ යුතු බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සැකය අන්තර්ගත වූ පුවත්වලින් විශාල මහජන විපතක් සිදුවන බව යි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තාවකාලිකව අත්හිටුවීම පිළිබඳව ද මෙහි දී මාධ්‍යවේදීන් පොලිස්පතිවරයාගෙන් විමසා සිටියහ.

තමා එම කාර්යාලය තාවකාලිකව අත්හිටවන ලද්දේ වෙනත් කාරණාවක් නිසා නොව එය ශක්තිමත් ආකාරයකින් ප්‍රතිසංවිධානය කිරීමට බවයි ජයසුන්දර මහතා පිළිතුරු ලබා දුන්නේ.

පදනම් විරහිත තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීම නොසුදුසු බවත් මාධ්‍ය වෙත තොරතුරු නිකුත් කළ යුත්තේ කුමන ලෙස ද, කුමන අවස්ථාවල දී ද සහ කුමන සිදුවීම්වලට අදාළව ද යන කාරණා පිළිබඳව ජ්‍යෙශ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කොට තීරණය කරන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.

වීඩියෝව පහතින් > > > 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment