මැතිසබේ 'ගුටිබැට හුවමාරුවේ' වීඩියෝව මෙන්න (VIDEO)

මැතිසබේ 'ගුටිබැට හුවමාරුවේ' වීඩියෝව මෙන්න (VIDEO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් ඇති විය.

පාර්ලිමේන්තුව අද රැස් වූ අවස්ථාවේ හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා භටයන් ඉවත් කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගෙන් කරුණු විමසා තිබේ.

හමුදා භටයන් වෙනුවට හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක භටයන් ලබා දී ඇති බව එහිදී අගමැතිවරයා සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වා සිටීමට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අවස්ථාව ලබා දීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඊට බාධා කරමින් ඔහුට බැණ වැදී ඇති බව වාර්තාවේ.

ඉන් අනතුරුව ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයන් අතර ඇතිවූ වචන හුවමාරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බව වාර්තාවේ.

ගුටිබැට හුවමාරුව හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීත් සමරසිංහ මහතා රෝහල් ගත කොට ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න

වීඩියෝ - හිරු

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment