මරණ දඬුවම නියමවූවන් 1000 ඉක්‌මවයි

මරණ දඬුවම නියමවූවන් 1000 ඉක්‌මවයි

බන්ධනාගාරගතව සිටින මරණ දඬුවමට නියමවූවන් සංඛ්‍යාව 1000 ඉක්‌මවා ඇතැයි වාර්තා වේ.

මිනිස්‌ ඝාතන සහ මත්කුඩු චෝදනා යටතේ අධිකරණය මගින් වැරදිකරුවන් වන පුද්ගලයන්ට මරණ දඬුවම නියම වේ. එසේ මරණ දඬුවමට නියම වූවන් 1017 ක්‌ පමණ බන්ධනාගාරගතව සිටින බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා පැවසීය.

මෙම පිරිසෙන් 667 දෙනකු අභියාචනා ඉදිරිපත් කර ඇත.

මරණ දඬුවම නියම වූවන් දිනකට පැය භාගයක්‌ ව්‍යායාම සඳහා සිරකුටියෙන් එළියට ගන්නා බව ද එම කාලය තුළ ක්‍රිකට්‌ හෝ වෙනත් ව්‍යායාම කිරීමට ද ව්‍යායාම නොකර සිටීමට ද සිරකරුට හැකි බව ද ධනසිංහ මහතා පැවසී ය.

මරණ දඬුවම නියම වූවකුට සතියකට එක්‌වරක්‌ සියලු පවුලේ ඥතීන් දැකිය හැකි වන අතර ආහාර ගැනීම බන්ධනාගාරයෙන්ම සිදුකළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

1977 න් පසු මරණ දඬුවම මෙරට ක්‍රියාත්මක නොවේ.
 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment