හජ් උත්සවය අදයි

හජ් උත්සවය අදයි

ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරන හජ් උත්සවය අදට (12) යෙදී තිබේ.

මෙම උත්සවය සැමරෙන්නේ ශුද්ධවූ මක්කම නගරයේ ඉපදුණු නබි ඉබ්‍රාහිම් සහ ඔහුගේ පුත්‍රයා නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසිකව වැදගත් වූ සහ ආගමික විශ්වාසයන් මත ගොඩනැගුනු සිදුවීමක් අරමුණු කොටගෙනයි. 

ඉස්ලාම් බැතිමතෙකු සිය ජීවිත කාලයේ දී එක් වතාවක් හෝ මක්කම වන්දනාවේ යෙදීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තක් ලෙස ද සැලකෙනවා.

එම වන්දනාවේ වැදගත්ම දිනය ලෙසට මෙම හජ් දිනය සලකනු ලබයි.

අදට යෙදෙන හජ් උත්සවය නිමිත්තෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

සාමය සහ සහෝදරත්වයේ නිම් වළලූ පුළුල් කරමින් සමස්ත ලෝකවාසී මුස්ලිම් ප‍්‍රජාවම ශුද්ධ වූ කුරානයේ සහ නබි තුමන්ගේ ඉගැන්වීම් අනුව සිය ජීවිතය ගොඩනගා ගත යුතු බව ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් පෙන්වා දෙයි.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද හජ් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ධනය, බලය, නිලය හෝ තරාතිරම නොව මනුෂ්‍යත්වය වඩා වැදගත් වන බව අග‍්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවුඩය මගින් පෙන්වා දී ඇත.

ලෝක සාමය වෙනුවෙන් සියලු දෙනා එක්වීම මෙම අවස්ථාවේ දී වඩාත් වැදගත් වන බව අග‍්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment