හම්බන්තොට පොලීසියේ HQI ඇතුළු 5ට ස්ථානමාරු

හම්බන්තොට පොලීසියේ HQI ඇතුළු 5ට ස්ථානමාරු

හම්බන්තොට, බඩගිරිය, යහන්ගල ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

වී සොරකමක් සිදු කළ බව පවසමින් අතුරුදන් වූ තරුණයා වන ජී.ජී. ගයාෂාන් හා තවත් දෙදෙනෙකු හම්බන්තොට පොලීසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී පොලීසිය කළ පහරදීම් හේතුවෙන් ඉන් එක් තරුණයෙකු හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලැබීය.

මේ අතර පොලිස් අත්අඩංගුවේදී අතුරුදන් වූ බව කියන තරුණයා පිළිබඳව විමර්ශන සිදු කිරීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ද හම්බන්තොට පිහිටි එම තරුණයාගේ නිවසට ගොස් තිබුණි.

එමෙන්ම සිද්ධියට අදාළව  පොලීසියෙන් කළ විමසීම්වලදී ඔවුන් කියා සිටියේ අතුරුදන් වූ තරුණයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පළා ගිය බවයි.

කෙසේවෙතත් මේ වන තෙක් අතුරුදන් වූ තරුණයා පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් වරදක් කර තිබේනම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමට පියවර ගන්නා බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment