වෛද්‍ය සිසුවාගේ මරණය සියදිවි නසාගැනීමක්? (VIDEO)

වෛද්‍ය සිසුවාගේ මරණය සියදිවි නසාගැනීමක්? (VIDEO)

කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක තිබී වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

කොළඹ නොරිස් කැනල් පාරේ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයේ 96 කාමයේ සිටි බව කියන සිසුවෙක් පසුගිය බ්‍රහස්පතින්දා දහවල් ආහාරයෙන් පසු දැක නැතැයි ද ඊයේ (11) කාමරයෙන් ගඳක් ආ බවද පොලිසිය පවසයි.

ඔහුගේ සිරුර ලඟ සේලයින් බෝතල් 10 ක් හා පොඩි කුප්පියක් තිබූ බවත් පොලිසිය පැවසී ය.

කුරුඳුවත්ත පොලීසිය පැවසුවේ අදාළ සිසුවා සියදිවි හානිකරගෙන ඇති බවට සැක කරන බවයි.

ඔහු විසින් සියදිවි නසා ගැනීමට පෙර ලියන ලද ලිපියක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි බිබිල, යලකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි  වෛද්‍ය ශිෂ්‍යයෙකු බව වාර්තා වේ.

එම සිසුවා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර අවස්ථා කිහිපයකදීම විභාගය අසමත් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment